දේශීය
දුම්රිය ආසන වෙන් කරන්න අලුත් වේලාවක්
අන්තර්ජාලය ඔස්සේ කලින් දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දින 30කට පෙර ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය හෙට (01) සිට උදෑසන 10.00 ට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙයට පෙර දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය රාත්‍රී 07.00 ආරම්භ කෙරුණා.
ප්‍රවාහන ආමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ මහතා පවසනවා.