දේශීය

කිසිම ​ඖෂධ වංචාවක් වෙන්​න ඉඩ තියන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් වනු ඇති බවයි.

ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් ක​ළා.

එහිදී ඔහු විශ්වාසය පල කළේ, ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බවයි.

එමෙන්​ම සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button