දේශීය

කච්චතිව් ප්‍රශ්නය ගැන නව එකඟතාවක් නැහැ – අලි සබ්‍රි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ සීමාවන් සහ කච්චතිව් ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු අලුත් එකඟතාවක් ඇතිකරගෙන නැති බ​ව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ, එවැනි කිසිදු සාකච්ඡාවක් පැව​ති නොමැති බවයි.

ඉන්දියා​ව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ සීමාවන් සහ කච්චතිව් දූපත පිළිබඳව නව එකඟතාවක් දෙරට අතර ඇතිකරගෙන ඇති බවට හින්දු පුවත්පත නිල ප්‍රකාශයෙකු උපුටා දක්වමින් ඊයේ (28) වාර්තා කර තිබුණා.

නමුත් එම වාර්තාව අනුව දෙරට අතර ඇතිකරගෙන ඇති නව එකඟතා පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් වූයේ නැහැ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේ, එවැනි සාකච්ඡාවක් සිදුව නැති බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button