දේශීය

හිටපු ඇමති නිල නිවාස ගැන දැනුම්දීමක්

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒවායේ හිඟ විදුලිබිල් පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.  

එම අමාත්‍යංශය පවසන්නේ, සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර තිබී ඇති අතර ඒ අනුව රජයේ නිල නිවාස හැකි ඉක්මනින් භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළිත් සිහි කැඳවිම් කළ බවද එම අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button