දේශීය

උප්පැන්න, විවාහ හා මරණ සම්බන්ධයෙන් නිවේදනයක්.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර මහජනතාව වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛණයක සහතික පිටපත් මාස 06 ක කාලසීමාකින් අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශකළා.

මේ අතර යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධික නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද රෙජිස්ටාර් ජනරාල් පී.එස්.පී. අබේවර්ධන මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button