දේශීය
මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට දැනුම්දීමක්
අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී මීටර් 50ක පරතරයක් තබාගෙන වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි සඳහන්වන්නේ.
එම අනතුරු ඇඟවුම් නිවේදන විද්‍යුත් පුවරු මඟින් ප්‍රදර්ශනය කිරීමටද කටයුතු යොදා ඇති බව වාර්තාවනවා.
මේ අතර, අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දන්වා ඇත්තේ, අඳුරු සහිත කාලගුණයක් ඇති බැවින් තම වාහනයේ ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි.