දේශීය

2024 සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් හෙට (05) සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිපත් කළ යුතු බවද සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාල උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.

එම නිවේදනය සඳහා පිවිසෙන්න,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button