දේශීය

දුම්රිය දෙපාර්තමේතුවෙන් දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වාවූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (09) හෙ​ට සහ අනිද්දා යන තෙදින තුළ මෙම සීමා කිරීම සිදුවන බවයි.

කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හා ජල සම්පාදන මණ්ඩලයේ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම සීමා කිරීම සිදුකරන බව සඳහන්වනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්ද සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button