විදෙස්

ඉන්දි­යා­වේ රාම් මන්දීරය විවෘත කිරීම අ​ද

ඉන්දි­යාවේ  අයෝධ්‍යා පුද බිමේ අද (22) රාම් මන්දීර් දෙවොල විවෘත වීම නිමි­ත්තෙන් අමෙ­රි­කාවේ  නිව්යෝක් නුවර ටයිම්ස් චතු­ර­ස්‍රය ඇතුළු ස්ථාන රැසක විවිධ උත්සව සංවි­ධාන කර  ඇති බ​ව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනු​ව උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) විවෘත කිරීමට නියමිතයි.

විවෘත කිරීමේ උත්සවය අද පස්වරු 12.20ට ආරම්භ වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි​දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ටයිම්ස් චතු­ර­ස්‍රයේ රාම් මන්දීර් දෙවොලේ  ආකෘ­ති­යක් ප්‍රද­ර්ශ­නය කර ඇති බව​යි.

රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් ඇරයුම් කර ඇති බව සඳහන්.

ටයිම්ස්  චතු­ර­ස්‍ර­යට අම­ත­රව වොෂි­න්ටන් ඩීසී, ලොස් ඇන්ජ­ලිස්, සැන්  ෆ්‍රැන්සිස්කෝ, බොස්ටන් ඇතුළු තවත් නගර රැසක රාම් මන්දීර් දෙවොල විවෘත  කිරී­මට සම­ගා­මීව උත්සව සංවි­ධාන කර ඇති බවයි වාර්තාවන්නේ.

එම උත්ස­ව­ මා­ලාව එකම  වේලා­වක පැවැ­ත්වෙන බවත්, රාම් කෝවිලේ උත්ස­වය ඉන්දි­යාව සහ අමෙ­රි­කානු ප්‍රජාව  අතර සංස්කෘ­තික හා ආග­මික සම්බ­න්ධ­තාව සමීප කර­වී­මට සමත්වී ඇති බව​ත් ඉන්දීය  මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය සම්භ­ව­යක් සහිත මිලි­යන 5ක ජන­ග­හ­න­යක්  අමෙ­රි­කාවේ පදිංචිවී සිටින අතර, අද රාම් මන්දීර් දෙවොල විවෘත කිරීම  අමෙ­රි­කාවේ ඉන්දීය ප්‍රජා­වගේ විශේ­ෂිත සැම­රුම් දින­යක් බවටද පත් වනු ඇති බ​ව ඉන්දීය මාධ්‍ය වැඩිදුරට​ත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button