ඔස්කාර් සම්මාන උළෙල අදයි
හොලිවුඩ් පුරයේ උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය, 94 වන ඇකඩමි සිනමා සම්මාන හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී ඩොල්බි ශාලාවේ දී අද පැවැත්වීමට නියමිතයි.
කොවිඩ් පාලන ක්‍රියාදාමයන් හේතුවෙන් ආසන 3,317 ක් සහිත ඩොල්බි ශාලාවට මෙවර ආරාධනා කර ඇත්තේ සිනමා ශිල්පීන් ඇතුළු ආරාධිතයන් 2,500 දෙනකුට පමණයි.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම රංගන ශිල්පියාට නිර්දේශිත නාම අතර විල් ස්මිත්, බෙනඩික්ට් කොම්බබැච්, ඩේම් ජූඩ් ඩෙන්චි සහ ට්‍රෝයි කොට්සර් පෙරමුණේ පසුවනවා.
ඔවුන් අතරින්ද මීට පෙර කිහිප වතාවක්ම හොඳම රංගනය සඳහා නම් කරනු ලැබුවද මෙතෙක් ඔස්කාර් සම්මානයක් දිනා නොමැති විල් ස්මිත් ප්‍රමුඛ ස්ථානයක රැදී සිටින බව සඳහන්.
ජේන් චැම්පියන්ගේ පවර් ඔෆ් ද ඩෝග් සිනමාපටය මෙවර ඔස්කාර් සිනමා උළෙලේ Best Picture සඳහා නිර්දේශිත සිනමාපට 12 අතර ඉහළින්ම පසුවන බව හොලිවුඩයෙන් නැගෙන ආරංචි මාර්ගවල සඳහන්.