විදෙස්

පාකි­ස්තාන-ඇෆ්ගන් සබ­ඳතා බිඳ වැටිලා

පාකිස්තානයේ සිටින මිලියන 1.5කට වැඩි සරණාගතයන් පිරිසකට රටින් පිටුවහල් වන ලෙස පාකිස්තානය නිකුත් කළ නියෝගය හේතුවෙන් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 1 වැනිදා අවසන් දිනය බව නිවේදනය කරමින් එදින හෝ එදිනට පෙර රටින් පිටමං නොවුවහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බවට පාකිස්තානය දැනුම්දී තිබුණා.

මේවන විට ඇෆ්ගන් සරණාගතයන් විශාල සංඛ්‍යාවක් පාකිස්තානයෙන් පිටවී ඇති අතර, තවත් විශාල පිරිසක් ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල කල්ගත කරන බවත් වාර්තාවනවා.

ඇෆ්ගනිස්තාන රජය ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයට ඇතුළුවී සිටින බවයි.

මෙය නොසලකා හැරිය නොහැකි අසාධාරණයක් බවත්, ජනතාව බලහත්කාරයෙන් නෙරපා දැමීම යහපත් අසල්වැසි සබඳතා සම්බන්ධ සියලු සම්මතයන්ට පටහැණි බවත් ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.

මෙම සරණාගතයන්ගෙන් වැඩි පිරිසක් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමත් සමඟ රටින් පලා ගිය පිරිස වන අතර, තවත් කාන්තාවන් විශාල පිරිසක් ඇෆ්ගන් රජය විසින් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කිරීම හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනයට පාකිස්තානයට පලා ගිය අය බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button