දේශීය

ගාලු පාරේ කොටසක් වැසෙයි

ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇති බව වාර්තාවනවා.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.

ඒ අනුව ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළුවී කොළඹ දෙසට ධාවනය කළ යුතු බවයි වාර්තාවන්නේ.

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රියදුරන්ට සාමාන්‍ය පරිදි වැල්ලවත්ත හරහා ගමන් කළ හැකි බවද වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button