දේශීය
පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් සහ ගල් කඩාවැටීමෙන් එම මාර්ගය කොටමුදුන ප්‍රදේශයෙන් අවහිර වී තිබුණා.
පවතින අවදානම හමුවේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව සඳහන් වනවා.