දේශීය
පස්සර නමුනුකුල කන්දේ නාය යෑමක්

පස්සර නමුනුකුල කන්ද පාමුල අද (20) අලුයම සිට විශාල නාය යාමක් සක්‍රියවී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
නමුණුකුල කන්ද පාමුල පස්සර ගෝනගල නැගෙනහිර වසමේ තේ පර්යේෂණ ආයතනය අසල මෙම නායාම සක්‍රියවී තිබෙන බවයි වාර්තාවන්නේ.
මෙම ස්ථානය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බවද එබැවින් කිසිවකුට හෝ දේපළවලට හෝ හානියක් නොමැති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.
වැසි නොමැති වුවද මෙම නාය යාම සක්‍රියවී භූමියේ විශාල පැලුම් ඇතිවී ඒවා පුළුල්වෙමින් පවතින බවත් මේ වන විට පස් කොටස් පහළට රූරා එන බවත් පොලොව යටින් බොර දිය පහරවල් ගලමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
මේ සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ ක්‍රියාත්මක බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.M.L උදය කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.