දේශීය

පවිත්‍රා වන්නිආරච්චිගේ නිල Facebook ගිණුම හැක් වෙ​ලා

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරි​ය පවි​ත්‍රා වන්නිආරච්චි මහත්මිය​ගේ නිල Facebook ගිණුම​ට කිසියම් පාර්ශවයක් විසින් අනවසරයෙන් ප්‍රවේශ​වී තිබෙනවා.

එ​ය මේ වන විට සිදුකර තිබෙන්නෙ කවුරුන් විසින් දැයි තවමත් හෙළිදරව්වී නොමැති බව​යි වාර්තාවන්නෙ.

එම ෆේස් බුක් පිටුව හැක් කරන ලද පාර්ශවයන් විසින් එහි දර්ශන ඇතුළත් වීඩියෝ පට පළ කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේවෙතත්, මෙය සිදුකළ පාර්ශවය විසින් මේ වන විට එම ගිණුමේ නිල ඡායාරූපය ඉවත් කොට ඊජිප්තු පිළිරුවක​ පින්තූරයක් පළ කර ඇති අතර විවිධ විකාරරූපී වීඩියෝ පට සහ පින්තූර පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button