දේශීය
ජනතාව තවමත් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය-සාගර කාරියවසම්
මුළු රටට ම හා පොදුජන පෙරමුණට ම ඇති බලවත් ම ශක්තිය රාජපක්ෂ දේශපාලනය බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ, ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින්.
පක්ෂයක් ලෙස ඉතා නිර්භීත ලෙස තවදුරටත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමඟ පොදුජන පෙරමුණ ඉදිරියට ගමන් කරන බවත් ඔහු අවධාරණය කරනවා.
එසේ ම රටේ අතිමහත් ජනතාව තවමත් බලාපොරොත්තු වන්නේ, රාජපක්ෂවරුන්ගේ දේශපාලනය බව සාගර කාරියවසම් මහතා පවසනවා.