පිරවුම්හල් හිමියන්ට තෙල්වලටත් වැට් ගෙවන්න වෙලා
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2024/01/petral-shed-.jpg)
ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන්ම ‘වැට්’ බදු ගෙවීමට පිරවුම්හල් හිමියන්ට සිදුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.
ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලැබෙන 3 ටත් % වඩා අඩු කොමිස් මුදලින් අදාළ වැට් බදුද ගෙවා වැට් පනතට අනුකුලව බිල්පත් නිකුත්කිරීම, සැකසීම සහ මාසික වාර්තා ඉදිපත් කිරීමට අපහසු බව එම සංගමය සඳහන් කරනවා.
බෙදුම්කරුවන් පවසන්නේ, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගෙන්, එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ඛනිජ තෙල් රාජ්‍ය ඇමැති D.V චානකගෙන්ද මෙම අර්බුදය විසඳීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතත් ඊට සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවයි.
මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින ‘සයිනොපෙක්’ සහ ‘ඉන්දියන් ඔයිල්’ සමාගමට අයත් ඉන්ධනහල්වලට ණය පදනම මත ඉන්ධන දෙන බවත් අමතර වට්ටම් ඇතුළු බොහෝ පහසුකම් හිමිව ඇති බවත් ඔවුන් පෙන්වාදෙනවා.
නමුත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ‘සිපෙට්කො’ ඉන්ධනහල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාගෙන වැට් බද්දද ගෙවා අනිකුත් සියලුම කාර්යන් ඉටුකිරීමේ හැකියාවක් නොමැති බවයි.