දේශීය

PHI ඝාතන සැකකරු අත්අඩංගුවට

අල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණා.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button