දේශීය
පොහොට්ටුව මොනරාගලින් ඡන්ද පිටියට
පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීම මොණරාගලදී අද (12) ආරම්භ වුණා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මොණරාගල නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම එම නගරයේදී පෙරවරු 11 ට ආරම්භ කෙරුණු අතර ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පැමිණ සිටියා.
පසුගිය 9 වනදා පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුවද ඒ සම්බන්ධයෙන් පැවතියේ අවිනිශ්චිත තත්වයක් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ආරම්භ කළේ නැහැ.
මොණරාගලදී පැවැත්වෙන සිය පළමු ආසන බලමණ්ඩල හමුව මෙලෙස පැවැත්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන්වයෙන්.