දේශීය

පොහොට්ටුව ඇල්පිටියට ඇප මුදල් තැන්පත් කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ, එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බවයි.

ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 වනදා සිට 2024.09.13 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.

මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් නාමලේඛන)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button