දේශීය

මැතිවරණ නීති කඩන දේශපාලන පක්ෂ

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක් ඊයේ (16) විසුරුවා හැරි බව තිස්සමහාරාම පොලීසිය පවසනවා.

මැතිවරණ නීතියට අනුව නිවෙස්වලට අත්පත්‍රිකා බෙදා හැරීමට යා හැක්කේ ආධාරකරුවන් පස් දෙනකුට පමණයි.

ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතා කළ දැනුම්දීමක් අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි කුඩාගොඩගේ මහතා වහා ක්‍රියාත්මකවී ඒ මොහොතේම එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

උපරිම වශයෙන් පස් දෙනකු බැගින් ගෙයින් ගෙට යන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී එම ජාතික ජන බලවේග ආධාරකරුවන්ට උපදෙස්දී තිබෙනවා.

මේ අතර ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදාහැරීමට පස් දෙනකු බැගින් පමණක් යන ලෙසට දුන් නියෝග ඇතැම් දේශපාලන පක්ෂ දිගින් දිගටම කඩ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අනුව වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button