දේශීය

කුකුළු මස් මිල ඉහළට

එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඉල්ලුම සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා.

“වෙළෙඳ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ. මේවා නරක් වෙන නිෂ්පාදන. ශක්තිමත් වෙළෙඳ ජාලයක් තිබුණේ නැති වුණාම මිල උච්චාවචනය වීම අපිට නවත්වන්න බෑ. අවුරුදු සමයේ දිගු නිවාඩුවක් ලැබෙනවා. ඊළඟට උත්සව සමයත් එනවා එතකොට ඉල්ලුම වැඩිවෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉල්ලුමට සැපයුම කරන්න පුළුවන් ද කියලා. එතකොට ඉල්ලුම සැපයුම අනුව තමා මිල තීරණය වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කුකුළු මස් කිලෝවක් රු 1,200ක් – රු 1,400ක් අතර දෝලනය වෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button