දේශීය
අදයි හෙටයි විදුලිය කපන හැටි
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2022/03/Power-Cuts.jpg)
ඒ අනුව අද (09) දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පස්වරු 03.00ත් රාත්‍රී 09.00ත් අතර කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව අද දිනයේ P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 03.00ත් රාත්‍රී 10.00ත් අතර පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මේ අතර, හෙට (10) දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L සහ P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 06.00ත් රාත්‍රි 10.00ත් අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලැබීමත් සති අන්තයේ විදුලි පරිභෝජනය අඩුවීමත් හේතුවෙන් විදුලි කප්පාදුව පැය දෙකකට සීමා වූ බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර ඇත.