දේශීය

ආනයනික සහල්වලට බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කිරීමේ සූදානමක්

සහල් ආනයනය කරන්නේ නම් ඒවායේ බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා රේගුවේ නිරෝධායන අංශයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා.

මින් පෙර ආනයනය කරන ලද සහල් සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී එම සාම්පල වලින්  පහකම කැඩ්මියම්, ඊයම්, හා රසදිය වැනි මිනිස් සිරුරට හානි කර  බැරලෝහ අඩංගු බව තහවුරුවී තිබූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

මේ හේතුවෙ​න් ඉදිරියේදී සහල් ආනයනය කරන්නේ නම් ඒවා බැර ලෝහ පරීක්ෂාවකින් තොරව නිදහස් නොකරන ලෙසට ඉල්ලා සිටීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button