දේශීය

කථානායක විශ්වාසභංග විවාදයේ​දී පිල්මාරුවකට සූදානමක්?

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණ​ය කරවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දේශපාලන අරංචි මාර්ග සඳහන් කළේ, කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙට (19) දිනයේදී පාර්ලිමේන්තුවේ පිල්මාරුවක් සිදුවිය හැකි බවයි.

එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේදී විවාදයට ගැනෙන අතර එය අනිද්දා දිනයේදීත් පැවැත්වෙනවා.

අනතුරුව අනිද්දා පස්වරු 4.30ට යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මෙම යෝජනාව ජයග්‍රහණ​ය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා මේ වන විට රහස් සාකච්ඡා සිදුකරන බවයි වාර්තාවන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිල නිවාසවල මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡා මේ වන විට සාර්ථක බව සඳහන් කරන ආණ්ඩු පක්ෂය විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ආණ්ඩුව සමග එක්වෙන බවද සඳහන් කළා.

කෙසේවෙතත් විපක්ෂයද විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණ​ය කරවීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා එතරම් සාර්ථක නොවන බව වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button