දේශීය

ජනාධිපතිවරණ පැමිණිලි තවත් ඉහළට

2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දැකිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්. ඒ. එල් රත්නායක මහතා පවසනවා.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව පොලිසිය වෙත පැමිණිලි 350ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතාද වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button