දේශීය

ප්‍රීමා සමාගමත් තිරිඟු පිටි මිල ඉහළ දමයි

ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

මීට දින කිහිපයකට පෙර සෙරන්ඩිබ් පිටි සමාගමද තිරිඟු පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා භාවිත තිරිඟු පිටි කිලෝවක් රුපියල් 243.50ක් වනු ඇති.

මේ හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල නැවත ඉහළ දැමීමට සිදුවනු ඇති බවද බේකරි හිමියන් ප්‍රකාශ කර සිටී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button