දේශීය

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ඇමති කියයි

ඉන්ධන හිඟය හේතුවෙන් අද (07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ලංගම සතුව ද මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට ද නොහැකි වී ඇති බව අමාත්‍යවරයා පවසා සිටියා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟයත් සමග අද හා හෙට පෞද්ගලික බස් රථ ධාවනය 25% දක්වා අඩුවීමේ ඉඩකඩක් ඇති බවයි.

නැවත මෙරටට 13 වනදා ඩීසල් ලැබෙනතුරු මෙම තත්ත්වය උග්‍රවනු ඇති බවයි වාර්තා වෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button