දේශීය

නියෝජ්‍ය පොලිස්පති ධනපාලට උසස්වීමක්

නියෝජ්‍ය පොලිස්පති T.C.A ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසි​න් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

අදාළ උසස්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි 29 වනදා සිට බලපැවැත්වෙන ලෙස සිදුකර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති T.C.A ධනපාල මහතා මේ වනවිට පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button