විදෙස්
රහස්‍ය තොරතුරු හෙළිකළ පුද්ගලයාට ලැබුණු දඬුවම
රහස්‍ය දත්ත අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමෙරිකානු ගුවන් භටයාට වසර 15ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
21 හැවිරිදි ඇමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක් වන මොහු එෆ්.බී.අයි නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.
අන්තර්ජාලයට මුදා හැර තිබූ රහස්‍ය දත්ත හරහා අමෙරිකාවේ මිත්‍රපාර්ශව රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුධ උපක්‍රම ඇතුලු රහස්‍ය තොරතුරු රැසක් අණාවරණය වුණා.
විදෙස් වාර්තා සදහන් කළේ ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුට චෝදනා 02ක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන තිබු බවයි.
ඒ අනුව පළමු චෝදනාවට සැකකරුට වසර 10ක සිර දඬුවමක් සහ දෙවන චෝදනාවට වසර 05 ක සිරදඬුවමක් ලෙස වසර 15 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.