එළිසබෙත් රැජින මියයයි.
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.
වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කල අතර මහ රැජින අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවිය.
වයෝවෘද්ධ මහා රාජිනිය පසුගිය බ්‍රහස්පතින්දා සිට තරමක රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරුන් ඇයව ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගය වෙත රැගෙන ගිය අතර වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණය මත එහි රැඳී සිටී බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ රෝගි තත්ත්වය ඊයේ (08) උදෑසන උත්සන්න වූ බවයි බී. බී. සී. ලෝක සේවයේ වාර්තා සඳහන් කළා.
අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය අද(09) ලන්ඩනයට රැගෙන එන බවයි වාර්තා වන්නේ.
රෝගී වූ රැජින බැල්මොරාල් මාලිගයට රැගෙන ගිය පසු ඇයගේ අවසන් අවස්ථාවේදී මහ රැජිනගේ දරුවන් සියලුදෙනා එතැන සිටි බවත් එමෙන්ම මුණුපුරා වන විලියම් කුමරු ද එම අවස්ථාවට එක්ව සිටි බවත් වාර්තා වනවා.
මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.