දේශීය

දුම්රිය ගාස්තු වැඩි වීම අත්හිටුවයි

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රියේ සිට වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබෙන්නේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය අමාත්‍යවරයා දුම්රිය සාමන්‍යාධිකාරීවරයා සමග කතාකොට අත් හිටවූ බවයි.

ගාස්තු සංශෝධනය පිළිබඳව අද (24) රාත්‍රියේ සාකච්ඡා කර ලබන සඳුදා (28) හෝ අඟහරුවාදා (29) අවසන් තීරණය දැනුම්දෙන බවත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් එය ඉන්ධන මිල වැඩිවීම පියවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් වැඩි කරන බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button