දේශීය

රනිල් පඩි වැඩි කරන්න හදන්නේ පරදිනවා කියලා දන්න නිසයි – අනුර

විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ පටන් බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ මහතා පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි මාසයේ සිටම වැටුප් වැඩි කරන බව පැවසුවද එය කළ නොහැකි දෙයක් බවත් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයා බවට පත් නොවන බව දන්නා නිසා එවන් ප‍්‍රකාශ කරන බවයි.

ජාතික ජන බලවේග රජයක් යටතේ වැටුප් ඉහළ නංවන්නේ ජීවන වියදමට අනුරූපීව බවත් එය මාස හයෙන් හයට ඉහළ නැංවීම සිදු කරන බවද ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button