දේශීය

පොලිස් බලතල හැර බලය බෙදන්න සූදානම් – ජනප​ති

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති මේ බව අදහස් පළ කළේ, “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (28) පෙරවරුවේ පැවති 2024 අන්තර් ආගමික සමුළුවේදීයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස​ඳහන් කළේ, පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තුනෙන් දෙකක බලය ලබාගත යුතුව තිබෙන බව​ත් ඉඩම් බලතල සම්බන්ධයෙන් ජාතික ඉඩම් කොමිසමේ පනත අනුව ක්‍රියා කරන බව​යි.

මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙමළ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කරන බව​ත් ඔහු​ට දැන් ඉටු කරන්නට තිබෙන්නේ සහජීවනයේ අන්තිම කොටස බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ​තා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button