දේශීය

එන්නත් තුනම ගත්ත අයට සහනයක්

කෝවිඩ් -19 ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කර තිබෙනවා.

ඒ, නව ප්‍රභේද සමඟ වෙනස් වූ වෛරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කරගෙනයි.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් නිවාසගත නිරෝධායනයට ලක්විය යුතු නැහැ.

ඔවුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු නව සාමාන්‍ය ජීවන රටාව අනුව කරගෙන යා හැකි අතර යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් පමණක් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂාවක් සිදු කර ගැනීම ප්‍රමාණවත් වෙනවා.

මෙසේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවා යැයි සැලකෙන්නේ පහත සඳහන් කණ්ඩායම් පමණයි.

ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි .

දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වෙනවා.

දෙවැනි මාත්‍රාවෙන් පසුව බූස්ටර් එන්නත ලබාගැනීමට මාස තුනක් ගත විය යුතුයි.

දෙවෙනි මාත්‍රාව ලබාගැනීමෙන් පසුව යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත්, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා, දෙවන මාත්‍රාවේ සිට මාස තුනක් සම්පූර්ණවීම සහ ආසාදිතයෙකු වී මසක් ගත වී තිබීම යන කරුණු දෙකම සම්පූර්ණ කල යුතු වනවා.

වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට එක ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වූ පසුවයි.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් දෙස සැලකෙනවා .

මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්‍යවන අතර රෝග ලක්ෂණ ඇති වූවොත් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා.

කොවිඩ් එන්නතේ පූර්ණ ආරක්ෂාව ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයයනුත් සුරැකෙන අතරේම සමස්ත සමාජය ම යහපත වෙනුවෙන් නිවැරදි තීරණයක් ලබාගත් ඔබ සැමට යළිත් ස්තූතිවන්ත වීමට අප මෙය අවස්ථාවක් කර ගන්නවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button