දේශීය

පක්ෂ දෙකක නියෝජිතයින් අද මැතිවර​ණ කොමිසමට

පිළිගත් දේශපාලන පක්ෂ දෙකක නියෝජිතයින් අද (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, එම පක්ෂ වල ලේකම් ධූරවල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන්.

එක්සත් ලංකා මහ සභා පක්ෂය සහ ලංකා ජනතා පක්ෂය යන පක්ෂවල නියෝජිතයින් අද කොමිසම හමුවට කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

මේ අතර, පිළිගත් දේශපාලන පක්ෂ වලින් පක්ෂ හයක ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන්​නේ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහ සභා පක්ෂය සහ ලංකා ජනතා පක්ෂය යන පක්ෂවල ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කාර්යන් සඳහා මේ වනවිට  දේශපාලන පක්ෂ ගණන 84 ක් පිළිගෙන ඇති  බව මැතිවරණ  කොමිෂන් සභාව ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button