දේශීය

රිෂාඩ් ආණ්ඩුවට එක්වීමේ සූදානමක්

දැඩි ආන්දෝලනයට තුඩුදුන් දේශපාලන චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ මේ වන විට ආණ්ඩුව තුළ ඇතිව තිබෙන දැඩි දේශපාලන ව්‍යාකූලතාවය මධ්‍යයේයි.

ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන පක්ෂ 11 ක් සමඟ මේ වන විට ආණ්ඩුව හිත් නොහොදකමක් ඇතිකරගනිමින් සිටින අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පාර්ලිමේන්තුව තුළ ස්වාධීනවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෙවන් පසුබිමක් තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා හට රජයේ වැදගත් අමාත්‍ය ධූරයක් ලබාදී ආණ්ඩුවට එක්කර ගැනීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට විදෙස් ගතව සිටින ඒ මහතා හට ඇති සබදතා යොදා ගනිමින් අරාබි රටවලින් සහනදායී ප්‍රතිපත්තියක් යටතේ මෙරටට ඉන්ධන ලබාගැනීමටද ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බවයි පැවසෙන්නේ.

එමෙන්ම විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා රිෂාඩ් බදියුදීන් මහතාට දැඩිව විරෝධය පලකළ ආණ්ඩුවේ සාමාජිකයන් වුවද මේ වන විට ඔවුන්ද ආණ්ඩුව තුළ නොමැති පරිසරයකදී කිසිදු විරෝධයකින් තොරව ඔහු ඇතුළු එම පක්ෂයේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button