දේශීය

ඩෙංගු අවධානම ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දිවයින පුරා කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රජයේ කීට විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති, නජිත් සුමනසේන මහතා සඳහන් ක‍ළේ, නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග බොහෝ ප්‍රදේශවල මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි. නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඉන්ධන හිඟය හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතුවලට ද බාධා මතුව ඇති බවයි.

මේ අතර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, ඩෙංගු ව්‍යාප්තිය පාලනය නොකළ හොත් එය අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, වසර 5 කට වරක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් හට ගැනීම මෙම වසර තුළ ඉස්මතුවෙමින් පවතින බවයි.

අවසන් වරට එවැනි ඩෙංගු අධිවසංගත තත්ත්වයක් වාර්තා වූයේ 2017 වර්ෂයේදීයි.

රට තුළ පවතින සාමාජ , ආර්ථික අර්බුදකාරී වාතාවරණය හරහා හටගෙන ඇති දැඩි ඖෂධ හිඟය මෙන්ම මහජනතාවගේ අවධානය ගිලිහීයාම යන කරුණු හේතුවෙන් මෙම වර්ෂයේ ඩෙංගු රෝගය නිසා සිදුවන වළක්වාගත හැකි මරණ ප්‍රමාණය ඉහළ යනු ඇති බවට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 25,0000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් 40% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button