විදෙස්

රුසියාව විදේශ ප්‍රතිපත්ති සංශෝධනය කරයි

බටහිර විරෝධී ක්‍රියාමාර්ග ඇතුළත්ව රුසියාව, සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබෙනවා.

එම ප්‍රතිපත්තියට අනුව, බටහිර රාජ්‍යයන්ට එරෙහිව කටයුතු සංවිධානය කිරීමට විශේෂ සන්ධානයක් නිර්මාණය කිරීමට ද, තීරණය වී ඇතැයි රුසියානු බලධාරීන් සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව ඒ හරහා, චීනය සහ ඉන්දියාව සමග සබඳතා ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

අවසන් වරට රුසියාව විදේශ ප්‍රතිපත්ති සංශෝධනයක් සිදුකළේ 2016 වසරේදී යි.

යුක්‍රේන ආක්‍රමණය හමුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, රුසියාවට අඛණ්ඩව සම්බාධක පැනවීම පදනම් කරගනිමින් මෙම සංශෝධනය සිදුකර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතීත්වය, රුසියාවට හිමිවීම පිළිබඳව යුක්‍රේනය සිය විරෝධය පළ කළා.

යුක්‍රේනය පවසන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක රුසියාවට සභාපතීත්වය දීම හාස්‍ය දනවන කරුණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button