විදෙස්
රුසියාවෙන් ඉන්දියාවට අඩු මිලට තෙල් දෙයි
බොරතෙල් සහ අනෙකුත් භාණ්ඩ අඩු මිලට මිලදී ගැනීම සදහා රුසියාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවන් සලකා බැලීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ඉන්දියානු බලධාරීන් දෙදෙනෙකු පවසා තිබේ. ඒ රුසියාවට එරෙහිව බටහිර රටවල් දැඩි සම්බාධක පනවා ඇති කාලයක ය.
තම ඉන්ධන අවශ්‍යතාවයෙන් 80%ක් ආනයනය කරන ඉන්දියාව, ඉන් 2% – 3% අතර ප්‍රමාණයක් රුසියාවෙන් ආනයනය කරනු ලබයි. ඉන්දියාව පවසන්නේ මේ වන විට මෙම වසර තුළ දී ඉන්ධන මිල 40% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇතැම් රටවල් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම මඟ හරිමින් සිටිය ද, ඉන්ධන ආනයන වියදම අඩුකරලීම සඳහා රුසියාවෙන් මිල දී ගන්නා ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීම උපකාරී වන්නේ නම් එය සලකා බලන බවයි.