විදෙස්

රුසියාව ශ්‍රී ලංකාවට ස්තූති කරයි

මෙරට රඳවා තිබූ රුසියානු “එරෝෆ්ලොට්” ගුවන් සමාගමට අයත් ගුවන්යානය නැවතත් රුසියාවට යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රසාදය පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය කඩිනම් සමථයකට පත්කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන බවය.

ඊයේ (06) දිනයේ දී රුසියානු ගුවන්යානයට ලංකාවෙන් පිටව යෑම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.

ඒ අනුව රුසියාවේ එරෝෆ්ලොට් ගුවන්යානය ඊයේ සවස කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button