සමෘද්ධි හිමියන් අර්බුදයක?
සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් පිළිබඳ සංගණනය කිරිමේදී තම සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා .
එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර ලාල් මහතා සඳහන් කළේ, මෙම සංගණන කටයුතු මුලික වශයෙන් සිදුකිරීමේ කාර්යය පැවරෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට බවයි .
ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා සංගණන කටයුතුවලින් ඉවත් වීම නිසා එම කටයුතු තම සාමාජිකයින්වෙත පැටවීමට බලධාරීන් කටයුතු කරන බවට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරනවා.
සංගණන කටයුතු කිරීම සඳහා කිසිදු පහසුකමක් තම සාමාජිකයන්ට නොදී බලධාරීන් විසින් බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසනවා .
එම සංගමයේ ජාතික සංවිධායක බී. ඒ. පී බස්නායක මහතා සඳහන් කළේ, සංගණනයේදී වැරදි තොරතුරක් ලේඛනගත වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවට පනතේ සඳහන් වගන්තිය වහාම ඉවත් කලයුතු බවයි .