සංගක්කාර නැවත පිටියට
ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) 2024 ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.
මෙම තරඟාවල් නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරඟාවලියේ සමස්ත තරඟ සංඛ්‍යාව 18ක්.
මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරඟ කිරීමට නියමිතව තිබෙනවා.
සචින් තෙන්ඩුල්කාර් ඉන්දීය නායකත්වයටත්, ෂේන් වොට්සන් ඔස්ට්‍රේලියාවේ නායකත්වයටත්, ඉයන් මෝගන් එංගලන්තයේ නායකත්වයටත්, බ්‍රයන් ලාරා බටහිර ඉන්දීය කොදෙව් නායකත්වයටත් සහ ජැක් කලිස් දකුණු අප්‍රිකාවේ නායකත්වයටත්පත්ව තිබෙනවා.
තරඟාවලියේ පළමු තරඟ හතර මුම්බායිහි DY Patil ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, නොවැම්බර් 17 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උද්වේගකර ගැටුමකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මුම්බායිහි ආරම්භක අදියරෙන් පසුව, නොවැම්බර් 21 වැනිදා ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාව සමඟින් ආරම්භවන තරඟ හයක් ලක්නව්හි පිහිටි ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.
තරඟාවලියේ අවසන් අදියර රායිපූර් හිදී පැවැත්වෙන අතර, එහිදී අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරඟය දෙසැම්බර් 8 වැනිදා ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරඟ කාලසටහන මෙන්න,
17th November – India v Sri Lanka – Mumbai
18th November – Australia v South Africa – Mumbai
19th November – Sri Lanka v England – Mumbai
20th November – West Indies v Australia – Mumbai
21st November – India v South Africa – Lucknow
23rd November – South Africa v England – Lucknow
24th November – India v Australia – Lucknow
25th November – West Indies v Sri Lanka – Lucknow
26th November – England v Australia – Lucknow
27th November – West Indies v South Africa – Lucknow
28th November – India v England – Raipur
30th November – Sri Lanka v England – Raipur
1st December – India v West Indies – Raipur
2nd December – Sri Lanka v Australia – Raipur
3rd December – West Indies v England – Raipur
5th December – 1st Semi Final – Raipur
6th December – 2nd Semi Final – Raipur
8th December – Final – Raipur