දේශීය
සන්නස්ගල සහ ශ්‍රීනාත් අධිකරණයට කැඳවයි
බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදුවන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත කන්දෙ කපුගේ ශ්‍රීනත් චතුරංග සහ උපුල් ශාන්ත සන්නස්ගල යන අයට මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (29) නොතීසි නිකුත් කර තිබෙනවා.
2018 අගෝස්තු 20 වන දින එවකට සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ශ මහතා විසින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සම්බන්ධව මෙම පැමිනිල්ල සිදුකර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස සැකකරුවන්ට ලබන මැයි මස 20 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කර ඇති බවට වාර්තා වේ.