දේශීය
සාරතී දුෂ්මන්ත මහලේකම් ධුරයේ වැඩ ආවරණයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත් කර තිබෙනවා.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී රැස්වුණු අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා..
ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තණතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පසුගිය දා කටයුතු කළ අතර මාධ්‍ය වාර්තා කරන්නේ,සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස අති බවයි.