දේශීය

සතොස බොරු කීරි සම්බා විකුණලා මාට්ටු

කීරි සම්බා’ සහල් බව කියා ගම්පහ සතොස ශාඛාවෙන් වෙනත් සහල් වර්ගයක් විකුණා ඇති වාර්තා වෙනවා.

පාරිභෝගිකයකු මිලදී ගත් සහල් කීරි සම්බා නොවන බවට පරීක්ෂණ වාර්තාවක් මගින් සනාථවීම නිසා එම සතොස ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන්.

අදාළ පාරිභෝගිකයා කළ පැමිණිල්ලක් මත ගම්පහ සතොස ශාඛාව වෙතින් ලබාගත් කීරි සම්බා ලෙසින් අලෙවියට තිබූ සහල් සාම්පලයක්, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් පරීක්ෂාවට ලක් කොට ලබාදී ඇති වාර්තාව පදනම් කරගනිමින් මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව බවයි සඳහන් වන්නේ.

ගම්පහ ප්‍රදේශයේ පාරිභෝගිකයකු පසුගිය ජනවාරි 26 වෙනි දින ගම්පහ සතොස වෙතින් මිලදීගත් ‘කීරි සම්බා’ කිලෝ පහක ප්‍රමාණය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත මේ පිළිබඳව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි වෙත දැනුම් දී තිබු අතර ඔහු විසින් මේ පිළිබඳව සොයා බලන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය දැනුවත් කර තිබෙනවා.

එම ඒකකයේ නිලධාරීන් විසින් ගම්පහ සතොස ආයතනයෙහි අලෙවියට තබා තිබූ ‘කීරි සම්බා’ සහල් සාම්පල ලබා ගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හරහා ඉබ්බාගමුව, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button