දේශීය

පාසල්වලින් සැකකටයුතු ඉන්හේලර් වර්ගයක් සොයා ගනියි

සිසුන් කිහිප දෙනකුගේ පොත් බෑගය  තුළ තිබී සැක ද්‍රව්‍ය සහිත ඉන්හේලර් කීපයක් ගොකරැල්ල පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අදාළ ඉන්හේලර් වර්ගය අළෙවි කළ ව්‍යාපාරිකයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසීය පවසන්නේ, මෙම සැකකාර ව්‍යාපාරිකයා ගොකරැල්ල ප්‍රදේශයේ ජංගම දුරකථන සහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන අයෙක් බවයි.

නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්ති භාර ගුරුවරියට මෙම ඉන්හේලර් වර්ගය හමුවී ඇති අතර පසුව සිදු කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button