දේශීය

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට මුහුදු වැලි

මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට යොදාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට මුහුදුවැලි යොදාගත හැකි වැඩපිළිවෙලක් සකසමින් සිටින බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා.

ඒ අනුව මුතුරාජවෙල වෙරළ තීරයේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 ත් 15 ත් අතර දුරකින් ගොඩබිමට මුහුදු වැලි කියුබ් මිලියන දෙකක් පොම්ප කිරීමට නියමිතව තිබෙනවා.

ගොඩබිමට පොම්ප කරන වැලි සෝදා පිරිසිදු කර වියලා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතියට අනුකූලව ලවණ රහිත වැලි සකස් කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button