දේශීය

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මි​ය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 89 හැවිරිදි වියේ පසු වුණා.

මෙරට මාධ්‍යයේ රන් සලකුණක් ලෙස සැලකෙන ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසයි ජයතිලක මහත්මිය සැලකෙන්නේ.

වර්ෂ 1963 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ජනගත වන මෙරට බාල – මහලු භේදයකින් තොරව ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි කතාංගයක් වන ‘හඳ මාමා’ වැඩසටහනෙන් ශ්‍රාවකයා වැළඳගත් ‘හඳ නැන්දා’ ගේ චරිතයේ හඬට පණ දුන්නේ ද මැයයි.

1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ. ජයතිලකයින් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක්.

මීට අමතර ව ඇය 1997 දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය ද මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button