විදෙස්
දේවස්ථානයක වෙඩි තැබීමකින් හතක් මරුට
නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුළදී ඊශ්‍රායල ජාතිකයින් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා .
දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා .
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඔහු පලස්තීන ජාතික ත්‍රස්ථවාදියෙකු බව වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා .
තුවක්කුරු විසින් පැදවූ බව කියන සුදු පැහැති මෝටර් රථයක් පිළිබඳව එරට ආරක්ෂක අංශ වල අවධානය යොමුව තිබෙනවා .
පලස්තීන සටන්කාමින් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාර ගෙන නොමැති අතර මෙම ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේදී ඔවුන් විසින් සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා .